නිවිතිගලදී බසයක් පෙරළී 15 ක් රෝහලේ

206

වතු කර්මාන්ත ශාලාවක සේවකයින් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් රත්නපුර කළවාන ප්‍රධාන මාර්ගයේ නිවිතිගල 13 කණුව ප්‍රදේශයේදී පෙරළී යාමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදුවුණා. එහි සිටි පුද්ගලයින් 15 දෙනෙකු අනතුරින් තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන් නිවිතිගල, වතුපිටය සහ රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. බරපතල තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු රත්නපුර ශික්ෂණ රෝහලට මාරු කෙරුණු බව වැඩි දුරටත් සඳහන්.